ලුම්බිණි සල් උයනේ දී
බෝසත් කුමරු උපන්නේ
මුළු ලෝකෙටම සතුටක් ගෙන
වෙසක් පෝය දා ..........
කඩයට ගොස් සවි කොළ ගෙන
වත්තට ගොස් උණ බට ගෙන
මුළු ගෙදර ම සරසන්නේ
වෙසක් පෝය දා ..............
වෙසක් කූඩු එල්ලාලා
සුදු ඇඳුමින් සැරසීලා
මල් නෙලලා
වෙසක් පෝය දා ..........
වෙසක් කාඩ් බෙදාලා
පන්සල වෙත පිය නඟලා
මුළු ලෝකෙම සරසාලා
වෙසක් පෝය දා ......
එල්.ජී.නෙත්මි හංසිකා
7 ශ්‍රේණිය (2024)
0 Comments